• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචිව සිටින දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම

-දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අක්කර 14,000ක් පමණ රක්ෂිත ඉඩම් පවතින අතර, ඉන් 10%ක් පමණ විවිධ පාර්ශ්වයන්ට බදු පදනම මත ලබා දී ඇත. ඉතිරි ඉඩම් ප්‍රමාණයෙන් 80%ක් පමණ විවිධ පාර්ශ්වයන් විසින් අනවසරයෙන් භුක්තිවිඳින අතර, ඔවුන් අතර දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරින් මෙන්ම එම දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරින් ද සිටී. නිවාස හා ව්‍යාපාර ස්ථාන ඉදිකිරීම්, වගා කටයුතු වැනි කාර්යයන් සඳහා එම ඉඩම් අනවසර ලෙස භාවිත කරයි. අනවසරයෙන් එකී ඉඩම් අත්පත් කර ගෙන ඇති ඇතැම් දුම්රිය සේවකයින් අධිකරණ ක්‍රියාමාර්ග මඟින් ඉවත් කර ඇති අතර, විනය ක්‍රියාමාර්ග හා විශ්‍රාම වැටුප් අහිමි කරන ලද අවස්ථා ද පවතී. එම කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් පරිදි අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය - (සභාපති)

* ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

* ගරු එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා ඉඩම් අමාත්‍ය

* ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය