• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ඉඩම් කොටසක් වෙන් කර දීම

-වර්තමානයේ උසස් අධ්‍යාපනය සඳහා පවතින අධික ඉල්ලුම මත සිසුන් වැඩි ප්‍රමාණයකට රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට ඇතුළත්වීමට පවතින අවස්ථා පුළුල් කිරීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට රාජ්‍ය විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය පුළුල් කිරීම අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දැනට උපාධි පාඨමාලා පවත්වාගෙන යනු ලබන ක්ෂේත්‍රයන්ට අතිරේකව තවදුරටත් අවශ්‍ය වඩාත් යෝග්‍යතම ක්ෂේත්‍රයක උපාධි පාඨමාලා ආරම්භ කිරීමට හැකි වන පරිදි බදුල්ල දිස්ත්‍රික් ලේකම් භාරයේ පවතින බදුල්ල කලුගල්පිටිය ග්‍රාමයේ පිහිටි ඉඩමෙන් අක්කර 02ක ප්‍රමාණයක් එම විශ්වවිද්‍යාලය වෙත පවරා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.