• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරයේ සහ අනෙකුත් තෝරාගත් නගර වල බහු මහල් රථ ගාල් ඉදි කිරීම සමඟ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

-දිනපතා කොළඹ නගරයට හා තදාසන්න නගරවලට ඇදී එන වාහනවලින් සහ මාර්ග දෙපස නවතා ඇති වාහනවලින් සිදු වන මාර්ග තදබදය අවම කිරීම සඳහා විවෘත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරාගනු ලබන ආයෝජකයන් මඟින් රථ ගාල් ඉදිකර පවත්වා‍ෙගන යාම සඳහා වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව, පහත සඳහන් ක්‍රමවේද දෙක (02) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ නගරය තුළ සහ බත්තරමුල්ල, අනුරාධපුරය සහ මහනුවර යන නගරවල ස්ථාන 08ක සාමාන්‍ය ක්‍රමයේ බහු මහල් රථ ගාල් සහ යාන්ත්‍රික රථගාල් ඉදි කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම.

* ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල් ව්‍යාපෘතිය තුළින්ම පෙර විකුණුම් පදනම මත උත්පාදනය කිරීමට හැකි වන පරිදි නිවාස ඒකක, කාර්යාලීය ඉඩ පහසුකම් ඇතුළුව වෙනත් සුදුසු ව්‍යාපෘතීන් ද සහිතව නාරාහේන්පිට, පිටකොටුව ටෙලිකොම් රථගාල, කොළඹ 07 ඔටස් ක්‍රීඩා සමාජයේ පිහිටි ඉඩමේ රථගාල, කොළඹ 07 කිංසි ඇවනිව් යන ස්ථානවල සාමාන්‍ය ක්‍රමයේ බහු මහල් රථ ගාල් සහ යාන්ත්‍රික රථගාල් ඉදිකිරීම සඳහා යෝජනා කැඳවීම.