• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව සේවා සැපයුම් තත්ත්වයට පත්කිරීම

-විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 1,200ක් පමණ වැය කර ඇති අතර, එම ආයෝජනයේ විශාලත්වයත්, එම සම්මන්ත්‍රණ ශාලාවේ සවි කර ඇති ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුත් තාක්ෂණික උපකරණ නියමිත පරිදි පවත්වාගෙන යාමට හැකි වන පරිදිත් භාර මණ්ඩලයක් පත් කිරීම සඳහා 2019 නොවැම්බර් මස 11 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සකස් කර ඇති භාර ඔප්පුව සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර එකී භාර ඔප්පුවේ පළමු පාර්ශ්වය ලෙස රජය වෙනුවෙන් බුද්ධශාසන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් තැබීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දන්වන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා එකඟතාව පළ කරන ලදී.