• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සමරු උළෙල

- 2021 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන, 73 වන නිදහස් දින සමරු උළෙලේ කටයුතු සංවිධානය සහ මෙහෙයවීම සඳහා පහත සඳහන් අමාත්‍ය අනු කමිටුව පත් කිරීම පිණිස වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා -(සභාපති)

* ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා අධ්‍යාපන අමාත්‍ය

* ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විදේශ අමාත්‍ය

* ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

* ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා ජනමාධ්‍ය අමාත්‍ය

* ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

* ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විදුලිබල අමාත්‍ය

* ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ජලසම්පාදන අමාත්‍ය