• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුහුදු කූඩැල්ලන් (Sea-Cucumber) සහ හක් බෙල්ලන් (Conch Shells) යන මුහුදු ජීවීන් එක් රැස් කිරීම සඳහා නිකුත් කරනු ලබන කිමිඳුම් අවසර පත්‍ර තාවකාලිකව අත්හිටුවීම

-ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් යාපනය අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් යන මුහුදු ජීවීන් එක් රැස් කිරීම සඳහා විශේෂ කිමිඳුම් අවසර පත්‍ර නිකුත් කරනු ලබයි. ඒ අනුව, එම කටයුතුවල නිරත වන කිමිඳුම් කණ්ඩායම් එම ප්‍රදේශයේ වෙරළ තීරයේ තාවකාලිකව පදිංචිව සිටිමින් එම කටයුතුවල නිරත වෙති.

එම කාර්යය සඳහා අවසරපත්‍ර ලබා ගෙන ඇති ඇතැම් කිමිඳුම්කරුවන් විසින් එම අවසරය අවභාවිත කරමින් එම මුහුදු තීරයේ ට්‍රොලර් යාත්‍රා මඟින් ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් සමඟ නීති විරෝධි ජාවාරම් කටයුතුවල නිරත වන බව වාර්තා වී ඇත. එම හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ වැසියන් අතර කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් යන මුහුදු ජීවීන් එක් රැස් කිරීම සඳහා නිකුත් කරනු ලබන කිමිඳුම් අවසර පත්‍ර තාවකාලිකව අත්හිටුවීම පිණිස ධීවර ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.