• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම - 2021

- දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් 2021 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමටත්, ඒ අනුව දැනට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමටත් 2020 සැප්තැම්බර් මස 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පාසල් නිල ඇඳුම් රෙදි අදාළ පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කර, කොටස් කර, ඇසුරුම් කර අධ්‍යාපන කොට්ඨාස කාර්යාල වෙත බෙදා හැරීම පිණිස වන කොන්ත්‍රාත්තුව වෑන්ගාර්ඩ් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම, දංකොටුව වීවින් මිල්ස්, ප්‍රභා ටෙක්ස් ඉන්ඩස්ට්‍රීස් සහ ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල්ස් (පුද්ගලික) සමාගම යන ආයතන වෙත ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.