• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ, මිලි ලීටර් 0.4 සිරින්ජර් 160,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

-හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් සිරින්ජර් ප්‍රසම්පාදනය සඳහා වන කොන්ත්‍රාත්තුව M/s ABC Pharna Services (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීම සඳහා 2020 ජනවාරි මස 08 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අදාළ ඇණවුම 2020 පෙබරවාරි මස 24 දින සැපයුම්කරු වෙත නිකුත් කර ඇත.

එම ඖෂධයෙන් තවත් සිරින්ජර් 160,000ක අවශ්‍යතාවක් පවතින බව පසුව තහවුරු වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි නැවත ඇණවුමක් වශයෙන් පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ, මිලි ලීටර 0.4 සිරින්ජර් 160,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය මුල් සැපයුම්කරු වන M/s ABC Pharna Services (Pvt) Ltd වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 126.96ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.