• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන් ට්‍රීටඩ් ඩ්‍රයිව් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් 200 අයියූ - 350 අයියූ වයල්ස් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

-2021 වර්ෂය සඳහා, හිමෝෆීලියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන් ට්‍රීටඩ් ඩ්‍රයිව් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් 200 අයියූ - 350 අයියූ වයල්ස් 85,000ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ස්විස්ටර්ලන්තයේ M/s Baxalta GmbH වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල සහිත ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 5.185 මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.