• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම

-මඩකලපුව මහනගර සභාවට අයත් මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ බිම් මහලේ වැඩ අවසන් කිරීම සඳහා 2018 සැප්තැම්බර් මස 11 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම ඉදිකිරීම් කටයුතු සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 214.07 (VAT රහිත) මුදලකට ෆෝකස් මාකටින් ඇන්ඩ් ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.