• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කරදීම

-ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ පදනම් කර ගෙන ව්‍යාපෘති යෝජනා 10ක් සඳහා ආයෝජකයින් දසදෙනෙකු වෙත පහත සඳහන් පරිදි ඉඩම් කොටස් වෙන් කර දීම කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇත.

* බුත්තල කර්මාන්තපුරය සඳහා ව්‍යාපෘති යෝජනා 4ක්;

* ලාක්ෂ උයන කර්මාන්තපුරය සඳහා ව්‍යාපෘති යෝජනා 2ක්;

* නාලන්ද එල්ලාවල, පුත්තලම, කරන්දෙණිය සහ බටඅත යන කර්මාන්තපුර සඳහා එක් ව්‍යාපෘති යෝජනාව බැගින්;

යෝජිත ව්‍යාපෘති යටතේ අදාළ ආයෝජකයින් විසින් රුපියල් මිලියන 1,144ක් පමණ ආයෝජනය කිරීමට නියමිත අතර එමඟින් සෘජු රැකියා අවස්ථා 555ක් පමණ අලුතින් ජනනය වනු ඇත.

ඒ අනුව, එකී ආයෝජකයින් දසදෙනා වෙත වසර 35ක කාලයක් සඳහා බදු පදනම මත ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.