• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 'විශේෂ තැන්පතු ගිණුම්' පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරී

-විදේශ විනිමය රට තුළට ගලා ඒම දිරිමත් කිරීමේ අරමුණින්, මාස 06ක කාලයක් සඳහා බැංකු පද්ධතිය හරහා රට තුළට ප්‍රේෂණය කරනු ලබන මුදල් තැන්පත් කිරීම සඳහා 'විශේෂ තැන්පතු ගිණුම්' නමින් කාලීන තැන්පතු ගිණුම් විවෘත කොට පවත්වාගෙන යාම පිණිස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග නිකුත් කිරීමට 2020 අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නිකුත් කරන ලද නියෝගයන්හි වලංගු කාලසීමාව 2020 ඔක්තෝබර් මස 07 දින අවසන් වීමට නියමිත අතර එකී නියෝග අනුව ලංකාවට රැගෙන එන ලද විදේශ මුදල් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට හැකි වන අයුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නිර්දේශයන් ඉදිරිපත් කර ඇත.

* කල් පිරීමෙන් අනතුරුව නැවත අලුත් කොට පවත්වාගෙන යනු ලබන 'විශේෂ තැන්පතු ගිණුම්' සඳහා සාමාන්‍ය වාර තැන්පතු සඳහා වන පොළී අනුපාත ගෙවීම.

* 'විශේෂ තැන්පතු ගිණුම්' කල් පිරීමේදී ආදායම ශ්‍රී ලංකාව තුළ පවතින වෙනත් ගිණුම්වලට මාරු කිරීම සඳහා අවසර ලබා දීම.

* ශ්‍රී ලංකාව තුළ වෙසෙන එහෙත් විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් විවෘත කිරීමට සුදුසුකම් නොලබන්නන්ගේ (රාජ්‍ය නොවන සංවිධාන, ඇපකරු සමාගම් වැනි) විශේෂ තැන්පතු ගිණුම්හි කල් පිරීමේ ආදායම, ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය නොකරන පදනමින් ශ්‍රී ලංකා රුපියල් ගිණුමකට බැර කිරීම.

ඒ අනුව, විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධයෙන් 2020-04-08 දිනැති අංක 2170/4 දරන සහ 2020-07-01 දිනැති අංක 2182/32 දරන අති විශෙෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද නියෝගවලට අමතරව විදේශ විනිමය පනතේ 29 වන වගන්තිය සමඟ කියවිය යුතු 7 වන වගන්තිය ප්‍රකාරව නව නියෝග ප්‍රකාශයට පත් කිරීම පිණිස සහ එම නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.