• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම

- අධිකරණය වෙත සිරකරුවන් රැගෙන යාමේදී මෑතකදී සිදු වූ අවාසනාවන්ත සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉදිරියේදී වැ‍ළකෙන අයුරින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ නියෝග දීර්ඝ කිරීම සඳහා සැකකරුවන් හෝ චූදිත තැනැත්තන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය පැවරීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ නමුත් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම හේතුවෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට හැකි වී නොමැත.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය යටතේ පැන නැගී ඇති නව ප්‍රවණතා ද සැලකිල්ලට ගෙන, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සම්බන්ධතා භාවිතයෙන් චූදිතයන්ට සහ සැකකරුවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීම සඳහා පහසුකම් සැලසීමටත්, වෙනත් නඩුවක අධිකරණ නියෝගයක් යටතේ දැනටමත් පුනරුත්ථාපනය වෙමින් පවතින චූදිතයන්ට සහ සැකකරුවන්ට ද එවැනි පහසුකම් සලසා දීමටත් හැකි වන පරිදි 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත තවදුරටත් සංශෝධනය කිරීමට සහ ඒ අනුව, ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.