• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020/2021 මහ කන්නය සඳහා පරිසර හිතකාමී පොහො‍ර සහනාධාර ලෙස ලබා දීමේ නියමු ව්‍යාපෘතිය

- රසායනික පොහොර සහනාධාර වැඩසටහන යටතේ 2020 යල කන්නයේ සිට කාබනික පොහොර සහනාධාර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස 2020 පෙබරවාරි මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, දිස්ත්‍රික්ක 14ක හෙක්ටයාර 25,000ක පමණ කොම්පෝස්ට්, කාබනික දියර පොහොර සහ ජෛව පොහොර භාවිත කරමින් වී වගා කර ඇති අතර, එමගින් රසායනික පොහොර භාවිතය 30% - 50%ක ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකි වී ඇත. එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අත්කරගත් සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, 2020/2021 මහ කන්නයේදී හෙක්ටයාර 48,000ක පරිසර හිතකාමී පොහොර භාවිත කරමින් වී වගා කටයුතු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.