• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම

- නැ‍ඟෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා ඇති අතර, එම පළාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සැලකෙන දීඝවාපී චෛත්‍යය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට එම බලකාය විසින් සැලසුම් කර තිබේ. ඒ අනුව, දීඝවාපී චෛත්‍යය කඩිනමින් ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා වන අවශ්‍යතාවන් ඉටු කරගැනීමට අරමුදල් රැස් කිරීම සඳහා භාරකාර අරමුදලක් පිහිටුවීමටත්, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය වන පරිදි පත් කරනු ලබන අනුකමිටුවක් හා ඒ සඳහා වන සහායක කමිටු මඟින් ජනාධිපති කාර්යසාධක බලකායේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.