• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා වසරක සිට වසර දෙකක් අතර කාලයක් සඳහා ඇමරිකානු ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් මිල දී ගැනීමේ - විකිණීමේ හුවමාරු පහසුකම් පිරිනැමීම
- රට තුළට විදේශ මුදල් ගලා ඒම දිරිමත් කිරීමේ අරමුණින් නේවාසික නොවන ආයෝජකයින්ට රජයේ සුරැකුම්පත්වල සහ අනෙකුත් අංශයන්හි ආයෝජනය කිරීමට හැකි වන පරිදි පහසුකම් සැලසීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 'වසරක සිට වසර දෙකක කාලයක් දක්වා ඇ‍ෙමරිකානු ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් මිල දී ගැනීමේ - විකිණීමේ මුදල් හුවමාරු' පහසුකම් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව කටයුතු කිරීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඇති විය හැකි විදේශ විනිමය අවදානම සීමා කිරීමේ අරමුණින් පහත සඳහන් අයුරින් කටයුතු කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

* එකම විදේශ විනිමය අනුපාතිකයක් යටතේ මූලික විදේශ විනිමය හුවමාරුව හා පසුව සිදු කරනු ලබන හුවමාරු සිදු කිරීම.

* අදාළ ආයෝජනය කල් පිරීමට පෙර සිදු කරනු ලබන විදේශ විනිමය හුවමාරු සඳහා, දඩයකට යටත්ව ඒ වන විට පවතින විදේශ විනිමය අනුපාතිකයට එම හුවමාරුව සිදු කිරීමට අවසර ලබා දීම.

* මෙම පහසුකම රට තුළට විදේශ විනිමය ගලා එන්නේ නම් පමණක් අදාළ වන අතර, ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 25ක අවමයේ සිට ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 1,000ක උපරිමයකට යටත් කිරීම.

* මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී ඇ‍ෙමරිකානු ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් හුවමාරු අනුපාතයේ ක්ෂයවීමක් සිදු වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු විය හැකි අලාභය මහා භාණ්ඩාගාරයේ පිරිවැයක් වශයෙන් සැලකීමට හැකි වන පරිදි ඉදිරියේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ලාභාංශ මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමේදී හිලව් කිරීම.