• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරැල්ල, එළියට් පෙදෙස නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යයනය කිරීම
- රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තික ආදායම්ලාභීන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඒකක 400කින් යුත් බොරැල්ල, එළියට් පෙදෙස නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම හා මූල්‍යනය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද සමාගමේ ඇති වූ මූල්‍ය ගැටලු හේතුවෙන් සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම නිසා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇති අතර ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා ජාතික තරගකාරි ලංසු කැඳවා තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි එම නිවාස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව M/s Access Engineering PLC වෙත රුපියල් බිලියන 9.37ක (බදු රහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.