• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීම
- ආපදා කළමනාකරණය පිළිබඳ වෘත්තිකයින්ගේ නිර්දේශ හා යෝජනා මෙන්ම පසුගිය කාලයේදී සිදු වූ ආපදාවලදී ලද අත්දැකීම් ද පදනම් කරගෙන වර්තමානයට ගැළපෙන අයුරින් 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2016 සැප්තැම්බර් මස 13 දින ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට කටයුතු කරගෙන යනු ලබයි. ඒ අතරතුර, නායයෑම් හේතුවෙන් නිවාස හානි වූ හා නායයෑම් අධි අවදානම් හේතුවෙන් සිය පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් කරනු ලබන පුද්ගලයින් නැවත එම ස්ථානවලම පදිංචි වන බව නිරීක්ෂණය වී ඇති බැවින් එම තත්ත්වයන් වැළැක්වීම සඳහා ද පියවර ගත යුතු බවට 2019 පෙබරවාරි 26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. ඒ අනුව, මේ වන විට කෙටුම්පත් කෙ‍ෙරමින් පවතින සංශෝධන පනත් කෙටුම්පතට එකී විධිවිධානද ඇතුළත් කරමින් 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.