• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත
- ළමුන් යොදා ගෙන සිදු කරනු ලබන අශ්ලීල ප්‍රකාශන, තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ පළ කිරීම මෑත කාලයේදී සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. එවැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අශ්ලීල ප්‍රකාශන ආඥාපනතේ ඇතුළත් වන නමුත් වර්තමාන තත්ත්වයන්ට එකී විධිවිධාන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එයට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර (CERT) ඒකකය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අලුතින් පනතක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් පිළියෙල කර ඇති අතර, එකී ලේඛනය මත පදනම්ව නව පනත් කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.