• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ ජලසම්පාදන හා මලාපවහන ව්‍යාපෘති
- ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන පහත සඳහන් මහා පරිමාණ ජලසම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිවලට අදාළ බදු නීති යටතේ අය කළ යුතු බදුවලින් නිදහස් කිරීමට හැකි වන පරිදි එම ව්‍යාපෘති විශේෂ ව්‍යාපෘති සේ සලකා කටයුතු කිරීමටත් ඒ අනුව, එම ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීමටත් ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* හෙම්මාතගම ජලසම්පාදන ව්‍යාපෘතිය

* රුවන්වැල්ල ජලසම්පාදන ව්‍යාපෘතිය

* යාපනය සහ කිලිනොච්චිය ජලසම්පාදන ව්‍යාපෘතිය

* රත්මලාන / මොරටුව අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය

* කළු ගඟ ජලසම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය