• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරයේදී ගන්නා ලද පියවර
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය 2020 සැප්තැම්බර් මස 14 වැනි දින ස්විට්සර්ලන්තයේ ජිනිවාහිදී ආරම්භ කරන ලද අතර එම සැසිවාරයේදී "ගෝලීය මානව හිමිකම් යාවත්කාලීන කිරීම" යන තේමාව යටතේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විසින් සහ ශ්‍රී ලංකාව පිළිබඳව වූ 30/1 යෝජනාවලියේ ප්‍රධාන කණ්ඩායම වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් පිළිබඳවත්, එම ප්‍රකාශයන් මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතු කරන ලද චෝදනා පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් ඉදිරිපත් කරන ලද පිළිතුරු ප්‍රකාශය පිළිබඳවත් විදේශ අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලද අතර එම කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.