• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 10 01 සිට 2021 05 31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2020 10 01 සිට 2021 05 31 දින දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000+/-5%ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Emirates National Oil Company (ENOC) වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.