• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සඳහා පැරා සායනික ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම පිණිස පැරා සායනික ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා සැලසුම් කර, ඉදිකිරීම් නිමකර භාර දීමේ පදනම මත ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පැරා-සායනික ගොඩනැගිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,013.87 සහ ඊට අදාළ එකතු කිරීමේ අගය මත වු බද්ද (VAT) සහිත මුදලකට මාගා ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.