• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාක්ෂි ආඥාපනත සංශෝධනය කිරීම
- සාක්ෂි ආඥාපනතේ ඇතැම් වචන සහ යෙදුම් වර්තමානයේ භාවිත නොවන බැවින් ඒ වෙනුවට අලුත් වචන හා යෙදුම් යොදා එම ආඥාපනත සංශෝධනය කිරීම පිණිස 2016 ජූලි මස 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.