• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහන
- "වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝගය" මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක හා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක ව්‍යාප්තව පවතී. මෙම රෝගය ‍හේතුවෙන් ක්‍රමයෙන් පොල් ඵලදාව අඩු වී පොල් ගස දුර්වල වී කල් ගත වන විට සම්පූර්ණයෙන්ම විනාශයට පත් වන අතර, නිරෝගී ගස්වලට ද රෝගය බෝවන බව තහවුරු වී ඇත. 2008 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යන ලද රෝග කළමනාකරණ වැඩසටහන මඟින් මේ වන විට රෝගී කලාපයෙන් පිටතට රෝගය පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර, රෝගී කලාපය තුළ රෝගය සාර්ථකව කළමනාකරණය කරමින් පවතී. ඒ අනුව, එකී වැඩසටහන තවදුරටත් වර්ෂ 2021-2023 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.