• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පහත සඳහන් අරමුණු වෙනුවෙන් නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 04ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ත්‍රිවිධ හමුදවේ සහ කොවිඩ් මධ්‍යස්ථානයේ ඉල්ලීම් මත කොවිඩ් - 19 වසංගත තත්ත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය ඖෂධ, රසායනික ද්‍රව්‍ය, සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ, යන්ත්‍රෝපකරණ ආදී නිෂ්පාදන ආනයනය කිරීමේදී හෝ ආනයනය කර සැපයීමේදී හෝ ආනයනය කර පරිත්‍යාග කිරීමේදී හෝ සෙස් බදු ගෙවීමෙන් නිදහස් කිරීම.

* පෝට්ලන්ඩ් සිමෙන්ති ආනයනයේදී අදාළ වන සෙස් බද්ද අනුපාතික පදනම මත අය කිරීම වෙනුවට ඒකක පදනමින් අය කිරීම.

* සිමෙන්ති කැට ආනයනය කිරීමේදී සෙස් බදු ඉවත් කිරීම.

* පාවහන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඇතැම් කොටස්, සූත්‍රිකා බල්බ සහ නම්‍යශීලී ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෙස් බදු පැනවීම.