• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්ෆන් සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ පවුල් සඳහා සහන ලබා දීම
- 2020 මැයි මස 16 දින සිට 19 දින දක්වා දින 04ක් පුරා පැවති අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි, තෙල්ලිපලෙයි සහ කරවෙට්ටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් 2,374 දෙනෙකුගේ කෙසෙල් හා ගස්ලබු වගාවන්වලට දැඩි හානි පැමිණ ඇති අතර එහිදී සිදු වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 52.98 ක් වශයෙන් යාපනය දිස්ත්‍රික්‍ ලේකම්/දිසාපති විසින් වාර්තා කර ඇත. එකී ගොවීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ, ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතු ව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 52.98ක මුදල ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශය හරහා අතිරේක ප්‍රතිපාදනයක් වශයෙන් යාපනය දිස්ත්‍රික්‍ ලේකම්/දිසාපති වෙත ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.