• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සඳුදා දිනය රාජ්‍ය ආයතනවල "මහජන දිනය" ලෙස ප්‍රකාශයට පත් කිරීම
- රාජ්‍ය ආයතනවලින් සිය සේවාවන් ඉටු කරවා ගැනීමට මහජනතාවට පහසු වන පරිදි බදාදා දිනය "මහජන දිනය" වශයෙන් දැනට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නමුත් සඳුදා දිනය "මහජන දිනය" වශයෙන් නම් කරනු ලැබුවහොත් මහජනතාවට වඩාත් පහසු වන බවට නියෝජනයන් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, මින් ඉදිරියට සඳුදා දිනය "මහජන දිනය" වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරින් මහජන අවශ්‍යතා ඉටු කිරීම පිණිස එම දිනයේදී සිය කාර්යාලයේ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතු බවටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.