• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 වර්ෂයේදී නොමිලයේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
- 2021 වර්ෂයේදී නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් වර්ග 400ක් මුද්‍රණය කළ යුතුව ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පෙළපොත් වර්ග 106කින් පිටපත් 13,890,000ක ප්‍රමාණයක් රුපියල් මිලියන 1,093.71ක මුදලකට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් සහ තවත් පෙළපොත් වර්ග 294කින් පිටපත් 25,541,500ක ප්‍රමාණයක් රුපියල් මිලියන 2,059.01ක මුදලකට විවෘත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය මඟින් තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මඟින් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.