• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත හිස් ද්‍රව පෙට්‍රොලියම් වායු (LPG) ලෝහ සිලින්ඩර සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) හිස් ලෝහ සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව පහත පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කිලෝග්‍රෑම් 2.3, කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 37.5 යන කාණ්ඩයන් යටතේ පිළිවෙලින් සිලින්ඩර 22,000ක, 105,056ක සහ 1,260ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2.18 ක මුදලකට M/s. Metal Mate Co. Ltd වෙත

* කිලෝග්‍රෑම් 05 කාණ්ඩය යටතේ සිලින්ඩර 117,040ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.58ක මුදලකට Sahamitr Pressure Containers Public Co. Ltd වෙත