• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන භාවිත කිරීම
- රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමට හැකි වනු පිණිස සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25%ක වටිනාකමකින් යුත් ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතන මඟින් අනිවාර්යයෙන් ප්‍රචාරය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.