• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළොන්නාව සංකීර්ණයේ ඉන්ධන ගබඩා ටැංකි තුනක් ප්‍රසම්පාදනය කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම
- කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය සඳහා ඉන්ධන ගබඩා ටැංකි තුනක් ප්‍රසම්පාදනය කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Indo-East Engineering and Construction (Lanka) Pvt. Ltd, වෙත රුපියල් මිලියන 942.47ක (VAT බදු හැර) මුදලකට ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.