• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳව කෙටුම්පත් ජාතික ප්‍රතිපත්තිය පරීක්ෂා කර බලා අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට 2020 පෙබරවාරි 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, එම කාර්යය සඳහා පත් කරන ලද සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත 'ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.