• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යන ආයතනවල පුනරාවර්තන වියදම් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම
- කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ආදායම අඩු වීම හේතුවෙන් එම ආයතනයන්හි වැටුප් හා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට අපහසු වී ඇත. එබැවින්, 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වන මාස 04ක කාලය සඳහා එකී ආයතනයන්හි අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් සඳහා වන ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තවද, එම ආයතනයන්හි ආදායම් වර්ධනය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කර මහා භාණ්ඩාගාරයේ එකඟතාව ලබාගෙන එකී සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.