• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
- "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජාතික සංවර්ධන වැඩසටහන තුළින් දිළිඳුකම පිටු දකිමින් සියලු පාර්ශ්වවලට ප්‍රතිලාභ ලැබෙන අපනයන හා ආනයන ආදේශන නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දේශීය හා විදේශීය ආයෝජන පහසුකම් පුළුල් කිරීම රජයේ ප්‍රමුඛතාවකි. ඒ සඳහා ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

* ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා ධීවර අමාත්‍ය

* ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය

* ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙළඳ අමාත්‍ය

* ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විදුලිබල අමාත්‍ය

* ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා මහාමාර්ග අමාත්‍ය

* ගරු විමල් වීරවංශ මැතිතුමා කර්මාන්ත අමාත්‍ය

* ගරු මහින්ද අමරවීර මැතිතුමා පරිසර අමාත්‍ය

* ගරු එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා ඉඩම් අමාත්‍ය

* ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ජලසම්පාදන අමාත්‍ය

* ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා බලශක්ති අමාත්‍ය

* ගරු රමේෂ් පතිරණ මැතිතුමා වැවිලි අමාත්‍ය

* ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා සංචාරක අමාත්‍ය

* ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා වරාය හා නාවික අමාත්‍ය

* ගරු අලි සබ්රි මැතිතුමා අධිකරණ අමාත්‍ය

එසේම, එම අනුකාරක සභාවේ කටයුතු සඳහා පහත සඳහන් රාජ්‍ය අමාත්‍යතුමන්ලාගේ සහභාගිත්වය ලබා ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

* ගරු දුමින්ද දිසානායක මැතිතුමා සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

* ගරු ජයන්ත සමරවීර මැතිතුමා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

* ගරු දිලුම් අමුණුගම මැතිතුමා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

* ගරු ඩී.වී.චානක මැතිතුමා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

* ගරු නාලක ගොඩහේවා මැතිතුමා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

* ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය