• Increase font size
  • Default font size
  • Decrease font size

2020-08-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 අගෝස්තු මස 17 වන දින සිදු වූ ජාතික විදුලිබල පද්ධති පූර්ණ බිඳවැටීම පිළිබඳ අතුරු වාර්තාව
- 2020 අගෝස්තු මස 17 වන දින ජාතික විදුලිබල පද්ධතියේ සිදු වූ පූර්ණ බිඳවැටීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. මෙහෙයුම් හා නඩත්තු කටයුතු සඳහා ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක නොවන බව එකී කමිටුව විසින් හඳුනාගෙන ඇති අතර, ආපදා වැළැක්වීම සඳහා වඩා විශ්වාසදායී මෙහෙයුම් හා නඩත්තු ක්‍රමවේදයක් පැවතීමේ අවශ්‍යතාව ඇතුළුව තවත් නිර්දේශ 11ක් ඉදිරිපත් කර ඇත. 2020-08-17 දින දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම එම අවස්ථාවේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ සාමාන්‍ය නඩත්තු කටයුත්තක් භාරව සිටි නිලධාරියෙකුගේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් සිදු වී ඇති බව ද කමිටුව විසින් වාර්තා කර ඇත. තවද, ඉහත කමිටු වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව වැඩිදුරටත් ගැඹුරු අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතින බවටත්, ඉදිරියේදී එම අධ්‍යයනයන් මඟින් නිර්දේශ කෙරෙන ක්‍රියාමාර්ග හා එකී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන ආයෝජනයන් පිළිබඳ ඇස්තමේන්තු සහිතව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවටත් විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.