• Increase font size
  • Default font size
  • Decrease font size

2020-08-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 මහ කන්නය - ඔක්තෝබර් මස සැපයීම
- සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) 2020 මහ කන්නයේ ඔක්තෝබර් මාසය තුළ බෙදා හැරීමට නියමිත රසායනික පොහොර ආනයනය කිරීම සඳහා විවෘත තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගෙන පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම් සඳහා මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 236.44 බැගින් මියුරේට් ඔෆ් පොටෑෂ් (රතු/රෝස/සුදු) මෙට්‍රික් ටොන් 20,000±5%ක් වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.

* කොමර්ෂල් පොහොර සමාගම සඳහා මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 236.44 බැගින් මියුරේට් ඔෆ් පොටෑෂ් (රතු/රෝස) මෙට්‍රික් ටොන් 2,000±5%ක් වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.

තවද, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි 2020 මහ කන්නයේ සැප්තැම්බර් මාසයට අදාළව, ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම් සඳහා ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 241.00 බැගින් මෙට්‍රික් ටොන් 8,700±5%ක් ප්‍රසම්පාදනය කිරීම ගල්ෆ් ෆර්ට් ඉන්ටර්නැෂනල් එෆ්ඉසෙඩ්ඊ ආයතනය වෙත පිරිනැමීම සඳහා වූ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.