• Increase font size
  • Default font size
  • Decrease font size

2020-08-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- පහත සඳහන් පනත්වල දැක්වෙන විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

i. 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන 06ක්.

ii. 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 09ක්.

iii. සුරාබදු ආඥාපනත (52 වන අධිකාරිය) යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 10ක්.

iv. 2006 අංක 11 දරන මුදල් පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 01ක්.

v. 2012 අංක 12 දරන මුදල් පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 01ක්.

vi. 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 05ක්.

vii. 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 06ක්.

viii. රේගු ආඥාපනත (235වන අධිකාරය)යටතේ පළ කරන ලද ගැසට් නිවේදන 03ක්.

ix. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 31ක්.

x. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන 05ක්.