• Increase font size
  • Default font size
  • Decrease font size

2020-08-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීම
- කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ උත්තරානන්ද මාවත හා විනිසුරු අක්බාර් මාවත හරහා දුම්රිය මාර්ග පිහිටා තිබීම හේතුවෙන් කාර්යබහුල වේලාවන්හිදී දැඩි රථ වාහන තදබදයක් ඇති වන බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, එම තත්ත්වය වැළැක්වීම සඳහා ගුවන් පාලම් ඉදි කර එක් දිශාවකට ගමන් කරන රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීම පිණිස සුදුසුකම් ලබන දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ලංසු කැඳවීමටත් මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.