• Increase font size
  • Default font size
  • Decrease font size

2020-08-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
- වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් උච්චාවචනයන්, කාලගුණික බලපෑම්, කාලීනව නිෂ්පාදනයන්ගේ සිදු වන වෙනස්කම්, ජාත්‍යන්තර වෙළඳපොළ මිල ගණන් වැනි කරුණු සම්බන්ධයෙන් විමසිලිමත් වෙමින් ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ, වෙළඳ අමාත්‍යතුමාගේ, කෘෂිකර්ම අමාත්‍යතුමාගේ, ධීවර අමාත්‍යතුමාගේ සහ වැවිලි අමාත්‍යතුමාගේ සාමාජිකත්වයෙන් යුතුව ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එසේම, එම අනුකාරක සභාවේ කටයුතු සඳහා පහත සඳහන් රාජ්‍ය අමාත්‍යතුමන්ලාගේ සහභාගිත්වය ලබා ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

* වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා.

* සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා.

* පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා.