• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ පොදු දිය බෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපායමාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
- ශ්‍රී ලංකාවේ පොදු දිය බෙත්ම ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා දැනට අදාළ වන සියලුම ප්‍රතිපත්තීන් සමාලෝචනය කර වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් සඳහා පවතින ජල ප්‍රමාණය සහ එහි ගුණාත්මකභාවය වැඩි කරගැනීමේ අරමුණින් අදාළ සියලු පාර්ශ්වයන් අතර සහයෝගිතාව ඇති කර ගත හැකි වන පරිදි උපායමාර්ග සකස් කිරීම සඳහා යෝජනාවක් පිළියෙල කිරීම පිණිස පරිසරවේදී මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජල කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.