• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 මහ කන්නය - (සැප්තැම්බර් සැපයීම)
- 2020 සැප්තැම්බර් මාසයේ අවශ්‍යතාවයන් සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය කිරීම පිණිස අන්තර්ජාතික විවෘත තරඟකාරී මිල ගණන් කැඳවා ඇත. එම මිල ගණන් සම්බන්ධ‍ෙයන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය සැලකිල්ලට ගෙන පහත සඳහන් පරිදි පොහොර සැපයීමේ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.

* මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 259.99 බැගින් යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 60,000±5%ක් වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.

* මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 266.48 බැගින් යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික් ටොන් 7,318±5%ක් ඇග්‍රිෆර්ට් ලයිවන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.

* මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 248 බැගින් මියුරේට් ඔෆ් පොටෑෂ් (රතු/රෝස/සුදු) මෙට්‍රික් ටොන් 20,000±5%ක් ඇග්‍රිකල්චරල් රිසෝර්සස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.

* මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 249 බැගින් මියුරේට් ඔෆ් පොටෑෂ්(රතු/රෝස) මෙට්‍රික් ටොන් 4,700±5%ක් ඇග්‍රිකල්චරල් රිසෝර්සස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.