• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020/2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ 30%ක අනිවාර්ය ප්‍රතිරක්ෂණය මත නැවත ප්‍රතිරක්ෂණ ආවරණය ප්‍රසම්පාදනය කිරීම
- ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා අනිවාර්ය 30%ක ප්‍රතිරක්ෂණ ආවරණයක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ලබා දෙනු ලබයි. එසේම ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ඒ සඳහා නැවත ප්‍රතිරක්ෂණ ආවරණයක් (Retrocession) පිළිගත් ප්‍රතිරක්ෂණකරුවන්/ ප්‍රතිරක්ෂණ තැරැව්කරුවන් වෙතින් ලබා ගනී. ඒ අනුව 2020/2021 වර්ෂය සඳහා එකී නැවත ප්‍රතිරක්ෂණ ආවරණය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ දින සිට මාස 18ක කාලයක් සඳහා රුපියල් මිලියන 985.5ක මුළු පිරිවැයකට M/s J.B. Boda & Co (S) Pte. Ltd. (ප්‍රධාන ප්‍රතිරක්ෂණකරු - M/s Everest Reinsurance Company) වෙත නැවත ප්‍රතිරක්ෂණාවරණය ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.