• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ සංවර්ධන පනත් කෙටුම්පත සම්මත වන තෙක් පිහිටුවන ලද අතුරු මණ්ඩලයේ කාර්යයන් අවසන් කිරීම
- පාර්ලිමේන්තු පනතක් මඟින් දකුණු පළාත් සංවර්ධන මණ්ඩලය නිත්‍යානුකූලව ස්ථාපිත කරන තෙක් සභාපතිවරයෙකු සහ සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත අතුරු මණ්ඩලයක් පිහිටුවීම සඳහාත්, අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහාත් 2016 මාර්තු 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත් දකුණු පළාත් සංවර්ධන මණ්ඩල පනත් කෙටුම්පත මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත. අතුරු මණ්ඩලය විසින් ආරම්භ කර තිබූ ඇතැම් ව්‍යාපෘති මේ වන විට අවසන් කර ඇති අතර, ඉතිරි සියලුම ව්‍යාපෘති 2020 වර්ෂයේ නිම කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව දකුණු පළාත් සංවර්ධන මණ්ඩල පනත් කෙටුම්පත සම්මත වන තෙක් ස්ථාපිත කරන ලද අතුරු මණ්ඩලයේ කාර්යයන් අවසන් කිරීමටත්, වැඩ අවසන් කළ යුතු ව්‍යාපෘතිවල වැඩ නිම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහාත් කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.