• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිස්ථාපනගත කරන ලද නිවාස සහිත ඉඩම්වලට ප්‍රදාන පත්‍ර ලබා දීම
- ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය 2006 වර්ෂයේ ආරම්භ කර 2012 වර්ෂයේදී වැඩ අවසන් කරන ලදී. එම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වූ පවුල් සඳහා නිවාස, කඩ සහ වැඩපොළවල් සඳහා විකල්ප ස්ථාන ඉදි කර 2014 අගෝස්තු මාසය වන විට ප්‍රතිලාභීන්ට භාර දී ඇති අතර අදාළ වන්දි ගෙවීමේ කටයුතු ද මේ වන විට අවසන් කර ඇත. එහෙත් නැවත පදිංචි කරන ලද පවුල් සඳහා ලබා දෙන ලද ඉඩම්වල අයිතිය මෙතෙක් ලබා දී නොමැත. එබැවින් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි කිරීම නිසා අවතැන් වූ පාර්ශ්වයන්ට විකල්ප වාසස්ථාන හා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සහ වගා කටයුතු සඳහා ලබා දී ඇති විකල්ප ඉඩම් අදාළ ප්‍රතිලාභීන් වෙත නිදහස් දීමනා පත්‍ර මඟින් පවරා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.