• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියෙහි වැඩ නිමා කිරීමේ දිනය දීර්ඝ කිරීම සහ ආසියානු සංවර්ධන බැංකු ණය මුදලෙහි අවසන් වන දිනය දීර්ඝ කිරීම
- ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක වන හරිත බල සංවර්ධන සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අදියර - 1 යටතේ ‍ මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ ප්‍රමාදයන් නිසා ණය මුදලේ වලංගු කාලය 2021 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත. එහෙත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදු වූ ප්‍රමාදයන් හේතුවෙන් ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමේ දිනය සහ ණය අවසන් කිරීමේ දිනය තවදුරටත් සංශෝධනය කිරීමට සිදුව ඇත. ඒ අනුව මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමේ දිනය 2023 ඔක්තෝබර් 31 දක්වාත්, ණය අවසන් කිරීමේ දිනය 2024 ජූලි 31 දින දක්වාත් දීර්ඝ කිරීමට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.