• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට සහන සැලසීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන් අතුරින් තවදුරටත් කුලී නිවාසවල පදිංචිව සිටින පවුල් 46ක් සදහා පළාත් තක්සේරුකරු විසින් නිර්දේශිත නිවාස කුලිය තවදුරටත් 2019 මැයි 31 දින සිට 2020 සැප්තැම්බර් 30 දින දක්වා ගෙවීමටත්, නාය යෑ‍ෙම් අවදානම් තත්ත්වය නිසා ඉවත් කිරීමට නිර්දේශිත පවුල් සඳහා නව නිවාස 118ක් ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ මැදිහත්වීම මත විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් වෙනත් සුදුසු ස්ථානයක ඉදි කර දීමටත් අදාළව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.