• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛවපටල ජෛව-පොහොර භාවිතය දීපව්‍යාප්තව ප්‍රවර්ධනය කිරීම
- ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මෙහෙයවීම යටතේ ජෛවපටල ජෛව-පොහොර භාවිතය පිළිබඳ 2018 වර්ෂයේදී නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ හම්බන්තොට, පොළොන්නරුව, කුරුණෑගල, අම්පාර සහ මහියංගනය යන ප්‍රදේශවල අක්කර 3,500ක වී වගාව සඳහා එම පොහොර හඳුන්වා දී ඇත. 2019 වර්ෂයේදී එම ප්‍රමාණය අක්කර 4,000 දක්වා වැඩිකර ඇති අතර, එයින් ලද සාර්ථක ප්‍රතිඵල මත 2020 යල කන්නයේදී විශේෂයෙන් කුරුණෑල සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි අක්කර 15,000ක වී වගාව සඳහා එම පොහොර භාවිතා කර ඇත. එළඹෙන වර්ෂයේදී එම පොහොර භාවිත කර වී වගා කරන බිම් ප්‍රමාණය අක්කර 120,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ එකී වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.