• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගතය වැළැක්වීමේ ප්‍රයත්නය වෙනුවෙන් කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සංවර්ධනය කරන ලද ‍නවෝත්පාදන නිමැවුම් නිෂ්පාදනය හා අලෙවිකරණය
- කොවිඩ් - 19 වසංගතය වැළැක්වීමේ ප්‍රයත්නය වෙනුවෙන් කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සංවර්ධනය කරන ලද ‍නවෝත්පාදන නිමැවුම් ශ්‍රී ලංකා ආයුර්වේද ‍ඖෂධ සංස්ථාව මඟින් නිෂ්පාදනය කරවා ගැනීමටත්, සමුපකාර තොග වෙළඳ සංස්ථාව සහ රජයේ සුදුසු නියෝජිතායතනවල අලෙවිසැල් මඟින් එම නිෂ්පාදන බෙදා හැරීමටත් ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවට 2020 අප්‍රේල් මස 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, ඇල්කොහොල් මත පදනම් වූ ශාකසාර දෑත් සනීපාරක්ෂක ජෙල් සහ දියර යන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදය කාර්මික තාක්ෂණ ආයතනය විසින් එකඟතා ගිවිසුමක් මත ආයුර්වේද සංස්ථාව වෙත ලබා දී එම ආයතනය විසින් එකී නිෂ්පාදන කටයුතු සිදු කිරීම පිණිස දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගෙන ඇති බවටත්, සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ අලෙවිසැල් මඟින් අදාළ නිෂ්පාදන බෙදා හැරීම සඳහා එකඟතාව පළ කර ඇති බවටත් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.