• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 05හි පිහිටි ලුම්බිණි රඟහල නවීකරණය හා ප්‍රතිසංස්කරණය කිරීම
- වර්ෂ 1952 දී ඉදි කරන ලද ලුමිබිණි රඟහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන අතර එහි ශබ්ද පරිපාලන පද්ධතිය, ආසන ප්‍රමාණය, සනීපාරක්ෂක පහසුකම් කාලයට ඔබින සේ යාවත්කාලීන වී නොමැත. එබැවින්, එය නවීකරණය හා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස සැලසුම් කර ඇති ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා නිර්මාණය කර ඉදිකිරීමේ පදනම යටතේ ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමටත් නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.